‍වෛද්‍ය පීඨ වෙත ඇතුළත් කරන සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළට

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:44 - {{hitsCtrl.values.hits}}  

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමටඅධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය විය.

සරසවි ප්‍රවේශ අවස්ථා ලබාදෙන සිසුන් සංඛ්‍යාව පසුගිය වර්ෂවලට වඩා සැලකිය යුතු අන්දමින් ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් සිදුකළ ඉල්ලීමකට අනුව, මෙම තීරණය ගෙන තිබේ.

ඒ සඳහා අවශ්‍ය පසුබිම සහ හැකියාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ වෛද්‍යපීඨ සහිත සියලු රජයේ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සහ පීඨාධිපතිවරුන් සමඟ සිදුකරන ලද සාකච්ඡා වට කිහිපයකින් ද අනතුරුව මෙසේ සිසුන් ප්‍රමාණය වැඩි කිරීමට තීරණය කර තිබේ.

සිසුන් වැඩි පිරිසක් රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ සඳහා එකවර මෙපමණ සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කරගැනෙන ප්‍රථම අවස්ථාව ද මෙයයි.

ඒ අනුව, 2019 වසරේ පවත්වන ලද අධ්‍ය්‍යන පොදු සහතික පත්‍ර  උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ  සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දී පසුගිය වර්ෂවලට සාපේක්ෂ ව වැඩි සිසුන් ප්‍රමාණයකට ප්‍රවේශ අවස්ථා ලබාදීමත්, ඒ තුළින් රටේ මානව සම්පතට එක්වන අනාගත වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමත් මෙහි අරමුණයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...